I made this widget at MyFlashFetish.com.

Tuesday, June 8, 2010

පෙන් එකකට පින්තූරයක් යොදන අන්දම‍,

මුලින්ම ඔබ යොදා ගන්නා පිංතූරය paint හරහා Open කරගන්න.(මේ සදහා කුඩා පිංතූරයක් බාවිතා කරන්න.)
ඉන් පසුව File > Save As... වෙත යන්න.

එහි ඇති Save in: නම් ස්ථානයට පෙන් එක තුල ඔබට අවශ්‍ය ස්ථානයක් ලබාදෙන්න, File name: නම් ස්ථානයට පිංතූරයට යොදන නම ලබා දෙන්න, Save as type: නම් ස්ථානයට 24-bit Bitmap(*.bmp;*.dib) යන්න ලබාදී Save කරන්න.
දැන් එලෙස Save කරගත් පිංතූරය .ico එන පරිදි Rename කරන්න.

දැන් පෙන්එක Open කර රයිට්ක්ලික් කර නව Text Document එකක් ලබාගන්න. එය autorun.inf ලෙස Rename කරන්න.

ඉන්පසු එය Open කරන්න. එහි,

[autorun]

icon= tharindu\icon.ico (පිංතූරය තිබෙන තැනට යන මාර්ගය)

ලෙස සටහන් කර කර Save කරන්න.
දැන් පෙන් එක ගලවා නැවත සවිකරන්න.

Thursday, March 25, 2010

Folder එකක් පෙන්වන පින්තූරය වෙනස් කිරීම

පලමුව ඔබට අවශ ෆෝල්ඩරය ඕපන් කරගන්න. ඉන්පසු View මගින් Customize This Folder...වෙත යන්න.
දැන් Customize > Change lcon... වෙත පිවිසෙන්න. එවිට Folder එක සදහා යෙදිය හැකි පින්තූර කිහිපයක් ඕපන්වේවි. ඉන්පසු ඔබ කැමතිනම් එම පින්තූරයක් ක්ලික් කර OK කර Apply කරන්න.,

ඔබට වෙනත් පින්තූරයක් දැමීමටනම්, පෙර පරිදිම Customize > Change lcon... වෙත පිවිසෙන්න. දැන් Browse... ක්ලික් කර පින්තූරය තෝරන්න.

ඔබට අවශ පින්තූරය තේරීමට පෙර එම පින්තූරයට පෙඩි වෙනසක් කිරීමට සිදුවේ. ඒසදහා එම පිනතූරය Paint හරහා ඕපන් කරන්න.දැන් File හරහා Save As...ක්ලික් කරන්න. එහි ඇතිSave in නම් ස්තානයට ඔබ කැමති ස්තානයක් ලබාදෙන්න, File name: නම් ස්තානයට ඔබ කැමති නමක් ලබාදෙන්න, Save as type: නම් ස්තානයට 24-bit Bitmap (*.bmp;*.dib) ලබාදී Save කරන්න.


එලෙස සේව් කල පින්තූරය icon.ico ලෙස Rename කරන්න. ‘‘මෙලෙස පින්තූරයක් තෝරාගැනීමේදී කුඩා පින්තූරයක් තෝරාගැනීම වඩා සුදුසුය’’.

දැන් ඔබ වෙනස්කල පින්තූරය Browse... හරහා තෝරා Open කර Ok කර Apply කරන්න.
දැන් ඔබතෝරාගත් ෆෝල්ඩර්එක නව පෙනුමක් ගන්වමින් වෙනස්වී ඇත.

________________________________________________________________ තරිදු හෂාන් රණසිංහ ____

__________________________________________________ tharidu.ranasinghe@gmail.com __

Saturday, February 20, 2010

සරල වෙබ් පිටුවක්සාදාගන්නා අන්දම,

2.වෙනස් කිරීම්.

(i)සකස් කළ වෙබ් පිටුවක් සංස්කරණය කිරීම.

සකස් කර ගන්නා ලද වෙබ් පිටුව වෙබ් බ්‍රව්සර් එක මගින් විවෘත කරන්න. වෙබ් පිටුවේ හිස් තැනක් මත රයිට් ක්ලික් කර, ලැබෙන මෙනු එක මගින් View Source යන්න ක්ලික් කරන්න. එවිට නැවතත් නෝට්පෑඩ් එක මගින් කෝඩ් ෆයිල් එක විවෘත වේ.

දැන් ඒමත අවශ්‍ය වෙනස්කම් සිදුකර සේව් කරන්න. මෙලෙස සේව් කිරීමත් සමගම වෙබ් පිටුවේ වෙනස්වීමක් සිදුනොවේ. ඒසදහා වෙබ් පිටුව කල Refresh යුතුය.

(ii)මාතෘකාව සදහා ෆොන්ට් සයිස් එක වෙනස් කිරීම.

මාතෘකාව සදහා ෆොන්ට් සයිස් හයක් භවිතාවේ. මේ සදහා

සිට
දක්වා ඇති ටැග්ස් භවිතාවේ.

(iii)ඡේද සදහා අකුරු භවිතා කිරීම.

ඡේද සදහා ෆොන්ට් භාවිතා කිරීමේදී

ටැග්ස් එක සමග භාවිතා කළ හැක. මෙහිදී

මගින්

ටැග් එකේ අවසානය දැක්වේ. පේලි කිහිපයකින් යුතු ඡේදයක් ලිවීමේදී සෑම පේලියකම අවසානයේ

ටැග් එක යොදන්න.

(iV)ඡේදයක් තුළ අකුරු සයිස් එක සෑදීම.

ටැග් එක මගින් ආරම්භ කරනඡේදයක, ෆොන්ට් ප්‍රමානය සෑදීමට යන්න භාවිතාවේ. ෆොන්ට් ටැග් එක සමග ෆොන්ට් ප්‍රමානය සැකසීමේදී,අවශ්‍ය ප්‍රමානය”>ලෙස ලබාදීම සිදුකල යුතුය.


ඉතිරිය ලඟදීම...........

Thursday, February 18, 2010

සරල වෙබ් පිටුවක්සාදාගන්නා අන්දම,

1.වෙබ් පිටුව තැනීමේ ආරම්භය.

පලමුව Start > All Programs > Accessories තුලින් Notepad එක‍ට පිවිසෙන්න. එවිට Untitled ලෙස නෝට්පෑඩ් වින්ඩෝවක් ලැබේවි. වෙබ් පිටුව සෑදීම සදහා එහි පහත පරිදි කෝඩිංස් හෙවත් කේතනය ලිවිය යුතුය.


This is my web page

මෙහි EKA AHASAK YATA යනුවෙන් සදහන් කර අත්තේ වෙබ් බ්‍රව්සර් එක තුළ දිස්වීමේදී එහි මාතෘකාවයි. මෙහි වෙබ් පිටුවේ අඩංගු විස්තරය ලෙස දක්වා ඇත්තේ This is my web page යන්නයි.

(i)සකස් කල වෙබ් පිටුව සේව් කරගැනීම.

නෝට්පෑඩ් එක තුළ සකස් කරගත් වෙබ් පිටුව සේව් කරගැනීම සදහා නෝට්පෑඩ් ‍මෙනු එකෙහි ඇති File > Save- As.. යන්න තෝරාගන්න.

එවිට විවෘත වන Save As නම් ඩයලොග් බොක්ස් එක තුළ ඇති Save in නම් ස්ථානයෙන්, වෙබ් පිටුව සේව් විය යුතු ඩ්‍රයිව් එක තෝරා, ඊට පහතින් ඇති බොක්ස් එක මඟින්අදාල පිටුව සේව් වියයුතු ස්ථානය තෝරන්න. මෙහිදී වෙබ් පිටුව සේව් කිරීමට වෙනමම ෆෝල්ඩරයක් C ඩ්‍රයිව් එක තුළ HTML නමින් සාදාගන්න. ෆෝල්ඩර් එක තෝරා දීමෙන් පසුව, Save as type නම් ස්ථානයෝ ඇති ඩ්‍රොප් ඩවුන් මෙනු එක මඟින් All Files යන්නද ලබා දී File Name නම් ස්ථානයේ ෆයිල් එකට අවශ්‍ය නමක්ද ලබා දෙන්න.මෙහිදී ෆයිල් නේම් එකට පසුව .html යන්න ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතුය.


(ii)වෙබ් පිටුව වෙබ් බ්‍රව්සර් එක හරහා විවෘත කිරීම.

සකස් කරගන්නා ලද වෙබ් පිටුව සේව් කරගත් ෆෝල්ඩරය විවෘත කරන්න. එවිට ඒ තුළ සේව් කල නමින් වෙබ් පිටුව,වෙබ් බ්‍රව්සර් එකට අදාළ අයිකන් එකකික් දැක ගත හැකිය. දැන් ඒ මත ඩබ්ල් ක්ලික් කිරීමෙන් වෙබ් පිටුව විවෘත කරගත හැක.

ඉතිරිය ලඟදීම...............