1.වෙබ් පිටුව තැනීමේ ආරම්භය.
පලමුව Start > All Programs > Accessories තුලින් Notepad එකට පිවිසෙන්න. එවිට Untitled ලෙස නෝට්පෑඩ් වින්ඩෝවක් ලැබේවි. වෙබ් පිටුව සෑදීම සදහා එහි පහත පරිදි කෝඩිංස් හෙවත් කේතනය ලිවිය යුතුය.
This is my web page
මෙහි EKA AHASAK YATA යනුවෙන් සදහන් කර අත්තේ වෙබ් බ්‍රව්සර් එක තුළ දිස්වීමේදී එහි මාතෘකාවයි. මෙහි වෙබ් පිටුවේ අඩංගු විස්තරය ලෙස දක්වා ඇත්තේ This is my web page යන්නයි.
(i)සකස් කල වෙබ් පිටුව සේව් කරගැනීම.
නෝට්පෑඩ් එක තුළ සකස් කරගත් වෙබ් පිටුව සේව් කරගැනීම සදහා නෝට්පෑඩ් මෙනු එකෙහි ඇති File > Save- As.. යන්න තෝරාගන්න.
එවිට විවෘත වන Save As නම් ඩයලොග් බොක්ස් එක තුළ ඇති Save in නම් ස්ථානයෙන්, වෙබ් පිටුව සේව් විය යුතු ඩ්‍රයිව් එක තෝරා, ඊට පහතින් ඇති බොක්ස් එක මඟින්අදාල පිටුව සේව් වියයුතු ස්ථානය තෝරන්න. මෙහිදී වෙබ් පිටුව සේව් කිරීමට වෙනමම ෆෝල්ඩරයක් C ඩ්‍රයිව් එක තුළ HTML නමින් සාදාගන්න. ෆෝල්ඩර් එක තෝරා දීමෙන් පසුව, Save as type නම් ස්ථානයෝ ඇති ඩ්‍රොප් ඩවුන් මෙනු එක මඟින් All Files යන්නද ලබා දී File Name නම් ස්ථානයේ ෆයිල් එකට අවශ්‍ය නමක්ද ලබා දෙන්න. මෙහිදී ෆයිල් නේම් එකට පසුව .html යන්න ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතුය.
(ii)වෙබ් පිටුව වෙබ් බ්‍රව්සර් එක හරහා විවෘත කිරීම.
සකස් කරගන්නා ලද වෙබ් පිටුව සේව් කරගත් ෆෝල්ඩරය විවෘත කරන්න. එවිට ඒ තුළ සේව් කල නමින් වෙබ් පිටුව,වෙබ් බ්‍රව්සර් එකට අදාළ අයිකන් එකකික් දැක ගත හැකිය. දැන් ඒ මත ඩබ්ල් ක්ලික් කිරීමෙන් වෙබ් පිටුව විවෘත කරගත හැක.

ඉතිරිය ලඟදීම...............
No comments:
Post a Comment